බොරතෙල් බැරලයක මිල යළි පහලට
ඇමරිකාවේ තීරු බදු පිලිබඳ තීන්දුවත් සමගම බොරතෙල් බැරලයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.58ක් දක්වා අඩු වී ඇති අතර එය සියයට 6.5කින් පහළ යාමක් ලෙස සටහන් වුණා.
සියයට 7.41කින් අඩුවී ඩොලර් 61.99ක් ලෙස සටහන් වුණේ ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිලයි.