ජනපති පාලන තන්ත්‍රය වෙනස් කරයි: අගමැතිට ආරක්ෂක අමාත්‍ය ධුරය – නියෝජ්‍ය අගමැතිට අගමැති ධුරය
යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි නව අගමැතිවරයෙකු නම් කර තිබෙන බව වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි එරට නියෝජ්‍ය අගමැතිනි යුලියා ස්වයිරිඩෙන්කෝගෙන් අගමැති ධුරය භාරගෙන නව රජයට නායකත්වය දෙන ලෙස ඉල්ලා තිබෙන බවයි.
බලයට පත්වීමට නියමිත 39 හැවිරිදි නව අගමැති ස්වයිරිඩෙන්කෝ ආර්ථික විද්‍යාඥවරියක් වන අතර 2021 වසරේ සිට පළමු නියෝජ්‍ය අගමැතිනිය ලෙස ඇය සේවය කරයි.
ඇමරිකාව සමග ඛනිජ ගිවිසුම සඳහා මෑත කාලීන සාකච්ඡාවලදී ඇය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.
යුක්‍රේනයේ වත්මන් අගමැති ඩෙනිස් ෂ්මිහාල්ට ආරක්ෂක අමාත්‍ය ධුරය භාර ගන්නා ලෙස සෙලෙන්ස්කි යෝජනා කර තිබෙන අතර ඒ සඳහා ඔහු ඉතා සුදුස්සෙක් බව සෙලෙන්ස්කි පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.