තවත් ප්‍රබල අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

Report

අන්සතු ඉඩමක් අත්පත් කරගෙන ඇතැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් රාජ්‍යයේ බලවත් අමාත්‍යවරයකු පරීක්ෂණයකට ලක්ව ඇති අතර, ළඟදීම අත්අඩංගුවට ගන්නා බවට "අද" පුවත්පත වාර්තා කරයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශ්වාසනීය ආරංචි මාර්ගවලට අනුව, ගල්කිස්ස අධිකරණ බල ප්‍රදේශයේ පිහිටි පර්චස් 12කින් යුතු ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ආයතනයක් සතුවක් වී තිබූ අතර, එම ආයතනයේ සභාපතිවරයා තනතුරින් ඉවත් කරමින්, අදාල අමාත්‍යවරයා තමන්ම සභාපතිවරයා ලෙස පත්කරගෙන එම ඉඩම තම නමට පවරාගැනීමට සූක්ෂම ක්‍රමයකින් කටයුතු කර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අරුගම්බේ නිරුවත්ව ගිහින් තියෙන්නේ ගෑනියෙක් නෙමෙයි - තායි වලින් ආපු පිරිමියෙක්ලු

අරුගම්බේ නිරුවත්ව ගිහින් තියෙන්නේ ගෑනියෙක් නෙමෙයි - තායි වලින් ආපු පිරිමියෙක්ලු

ඉන්පසු, අදාළ අමාත්‍යවරයා එම ගොඩනැගිල්ල වෙනත් පාර්ශවයකට බදු ලබා දී ඇති බවද වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයේ දී අමාත්‍යාංශයක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් දස දෙනෙකු පමණ පොලිසිය විසින් දැනටමත් ප්‍රශ්න කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.