පැරා ඔලිම්පික් උළෙල අදින් ඇරඹේ...

By Parami Dissanayake Aug 28, 2024 02:44 PM GMT
Report

අද (28) ප්‍රංශයේ පැරිස් නුවර දී 2024 පැරා ඔලිම්පික් උළෙල ආරම්භ විය.

රටවල් 189කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4,400කට අධික සංඛ්‍යාවක් මෙම උළෙලට සහභාගී වන අතර ඊට ක්‍රීඩා ඉසව් 22ක් ඇතුළත් වන බව වාර්තා වේ.

රබර් වගාවටත් සහනාධාර...

රබර් වගාවටත් සහනාධාර...

එමෙන් ම, මෙම ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් එක් ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් මෙවර පැරා ඔලිම්පික් උළෙලේ දී පළමුවෙන් නවීඩ් රෂීඩ් මීටර් 400 නිදහස් ආර පිහිනුම් මූලික වටයේ තරගයකට සහභාගී වීමට නියමිත අතර එම තරගය හෙට (29) මෙරට වේලාවෙන් පස්වරු 1.00ට පැවැත් වේ.