රබර් වගාවටත් සහනාධාර...

Report

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා ලෙස රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේ ය.

ජනපති රනිල්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ...

ජනපති රනිල්ට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් නිෂ්ප්‍රභ කෙරේ...

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා මෙම පොහොර සහනාධාරය ලබා දීමට රජය තීරණය කළ බවයි.

මෙරට රබර් වගාවට වසර ගණනාවකින් පොහොර දමා නැති බව ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව වාර්ෂික රබර් කිරි අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂයේ සිට මෙට්‍රික් ටොන් 65,000 දක්වා පහළ ගොස් ඇත.

ඒ අනුව, රබර් වගාව සඳහා ලබා දෙන එම පොහොර සහනාධාරය මෙම සතියේ සිටම ලබා දීමට පියවර ගෙන ඇති බව අමාත්‍යාංශය කියා සිටී.