ඇල්ල අනතුරේ තුවාලකරුවන්ගේ සුෂුම්නාවට හානිවෙලා නෑ හේතුව මෙන්න

Report

ඇල්ල අනතුරේ තුවාලකරුවන් පිළිබඳව සුවිශේෂී අනාවරණයක් සිදු කර තිබේ.ඒ අනුව ඔවුන්ගේ සුෂුම්නාවට කිසිදු හානියක් සිදු නොමැති බව වාර්තා වී තිබේ.

එයට හේතුව ප්‍රපාතයකට ඇද වැටී තිබූ බස් රථය වෙත කඹ ආධාරයෙන් ඝන අඳුරේ වුවද ළඟා වෙමින්, තුවාලකරුවන්ව ස්පයිනල් බෝඩ් මත රඳවමින් කඹ ආධාරයෙන් ඉහළට ගෙනවිත් ආරක්ෂිතව රෝහල් ගත කළ නිසා, කිසිම තුවාලකරුවෙකුගේ සුෂුම්නාවට බරපතළ හානි සිදුවීමක් නොවුණු බව බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කරන්නේ අනතුර පිළිබඳ සිය අත්දැකීම් පැහැදිලි කරමින්.

මැරුණු ධීවරයන්ටත් කෝටි නමයක විශ්‍රාම වැටුප් ගෙවලා

මැරුණු ධීවරයන්ටත් කෝටි නමයක විශ්‍රාම වැටුප් ගෙවලා

“බදුල්ල රෝහල සතුව spinal board 2යි තිබුණේ. අපි කලින් කළ ඉල්ලීමකට අනුව බදුල්ල මුස්ලිම් ජුම්මා පල්ලියෙන් අපට spinal board 6ක්ම ප්‍රදානයක් ලෙස ලැබුණා. මේ අනතුරේදී තුවාලකරුවන්ගේ සුෂුම්නාවන් ආරක්ෂා කරගන්න ඒවා හරියටම වැදගත් වුණා. ඒ විතරක් නෙවෙයි අද (7) උදේ මොහොමඩ් සහරාන් කියන ව්‍යාපාරිකයා පැමිණ රුපියල් ලක්ෂ 15ක වටිනාකමින් යුතු දැඩි සත්කාර ඒකක ඇඳක් රෝහලට ප්‍රදානය කළා. වෛද්‍යවරයෙක් ලෙස මේවා තමයි මම ඇතුළු වෛද්‍ය කණ්ඩායම හරි හම්බ කරගෙන තියෙන දේවල්.”

අඩි 1000ක ප්‍රපාතයේ සිට මූලික ප්‍රතිකාර ලබා දුන් රෝගීන්ව ස්පයිනල් බෝඩ් මත රඳවමින් ආරක්ෂිතව ගිලන්රථවලට දමා රෝහල් කරා ප්‍රවාහනය කිරීමෙන්, කිසිම රෝගියෙකුට ප්‍රවාහනයේදී ශුසුම්නාවට අනතුර සිදු නොවීමට සියලුම වෛද්‍යවරුන් කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් මීට පෙර සිදුවූ මෙවැනි අනතුරු දෙකකදී සුෂුම්නාවට බරපතළ හානි සිදුවූ පුද්ගලයින් 4-5 දෙනෙක් පමණ අදටත් නිවෙස්වල සිටින බවත්, ඔවුන්ට එය සිදුවූයේ අනතුරේදීද නැතිනම් ප්‍රවාහනයේදීද යන්න නිවැරදිව කිව නොහැකි බවත් වෛද්‍ය පාලිත පැවසුවා.

රනිල්ට සෙත් පතා වජිර අනුරපුරේදී කිරි උතුරයි

රනිල්ට සෙත් පතා වජිර අනුරපුරේදී කිරි උතුරයි

ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් අලෙවි කරන නිරූපිකාවගේ පෙම්වතා සූර් වී ගැබිණි මව සිටි මෝටර් රථය හප්පලා

ජනප්‍රිය රූපලාවන්‍ය ක්‍රීම් අලෙවි කරන නිරූපිකාවගේ පෙම්වතා සූර් වී ගැබිණි මව සිටි මෝටර් රථය හප්පලා