මෙච්චර විනාශයක් වෙලත් බස් දෙකක් මරු වේගෙන් රේස් ගිහින් - අපොයි වුණ අකරතැබ්බයක්
අද දින (07) හැටන් පොලිසියේ රථවාහන අංශයෙ නිළධාරින් විසින් මහනුවර සිට හැටන් දක්වා (06) දාන රාත්‍රියේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කල රියදුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බස් රථ දෙකම මහනුවර බස් නැවතුම්පොලේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇත.
පසුව ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදි හමු වීමෙන් පසුව එම බස් රථ දෙකේ රියදුරන් හැටන් බස් නැවතුම්පොල දක්වා අධික වේගයෙන් අන්තරාදායක ලෙස බස් රථ ධාවනය කරවන අයුරු බස් රථ දෙකේ පසුපස යතුරු පැදියක පසුපස ගමන් ගත් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර හැටන් කොට්ඨාශභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිලි කර ඇත.
පැමිණිල්ල ලැබූ වහාම ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කල රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් වෙත දැනුම් දීමෙන් පසු රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකාර රියදුරන් දෙදෙනාට අන්තරාදායක ලෙස රිය පැදවීමේ චෝදනාව යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නෛතික පියවර ගන්නා බවයි හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පවසයි.