පුද්ගලයෙකුට මරු කැදවූ මල්වෙඩිල්ල

Report

ඊයේ (06) රාත්‍රියේ ත්‍රිකුණාමලය, තඹගලගමුව ප්‍රදේශයේ කෝවිලක පැවති වාර්ෂික උත්සවයක දී මල්වෙඩිල්ලක් පත්තු වී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

කෝවිලේ උත්සවයේ දී මල්වෙඩි සංදර්ශනයක් තිබූ අතර ඉන් එක් මල්වෙඩිල්ලක් පත්තු වී නැත. එහිදී එහි සිටිය පුද්ගලයෙක් මල්වෙඩිල්ලට පාදයෙන් ගැසූ අතර එය මියගිය පුද්ගලයාගේ ඇඟට විසි වී ගොස් පිපිරී තිබේ.

පසුව තුවාල ලැබූ පුද්ගලයා තඹලගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ ආකාරයට මියගියේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 45ක් වූ තිදරු පියෙක් බව වාර්තා වේ.

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

ඇල්ල වැල්ලවාය බස් අනතුරේ රියදුරු මත්ද්‍රව්‍යයක් පානය කරාද? නැද්ද? සාම්පල රස පරීක්ෂකට

පසුව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කන්තලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සිදු කල අතර තඹගලගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.