සැමියාව පොරොවෙන් කොටලා මරලා දරුවෝ තුන්දෙනා එක්ක පොලීසියට භාර වෙලා

Report

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුරුලුගම ප්‍රදේශයේ කාන්තාවක් තම දරුවන් තිදෙනා සමඟ පොලිසියට භාර වූ පුවතක් වාර්තා වේ.

ඒ ඇගේ 46 හැවිරිදි සැමියා පොරවකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධයකටය.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

මෙලෙස මිය ගිය පුද්ගලයා උක්කුවාගේ උපාලි හේරත් හෙවත් කුරුලුගම පදිංචිව තිදරු පියෙක් වන බව පොලීසිය සදහන් කරයි.

ඔහුව මරාදැමුවේ යැයි පවසමින් පොලිසියට භාර වූ බිරිද 36 හැවිරිදි කාන්තාවකි.

මෙහෙමත් මිනිස්සු බේරන්න ගිය පොලීසිය ගැනම නරක වීඩියෝ හදලා

මෙහෙමත් මිනිස්සු බේරන්න ගිය පොලීසිය ගැනම නරක වීඩියෝ හදලා

පසුගිය පස්වැනිදා මොවුන් අතර හටගත් ගැටුමක් දුරදිග ගිය බවත් ගැටුමේදී සැමියා කඩුවකින් පහරදීමට උත්සාහ කළ නිසා බිරිඳ විසින් පොරොවකින් එල්ල කළ පහරක් නිසා සැමියා එම ස්ථානයේදීම මිය ගිය බවත් පොලීසිය වාර්තා කරයි.

මේ වනවිට අපරාධයේ වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය විසින් සිදු කරයි.

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන