චීනයේ ව්‍යාප්ත වෙන නව වෛරසය.. ඉන්දියාවේ 2ක්ට ආසාදනය වෙලා.. මෙරට සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක් මෙන්න..
චීනයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තව වන එච්.එම්.පී.වී වෛරසය වසංගතයක් මෙන් ලොව පුරා පැතිර යාමේ තර්ජනයක් එල්ල නොවන බව මෙරට සෞඛ්‍ය අංශ සදහන් කර තිබෙනවා.
එමෙන්ම, එම වයිරසය ලංකාවට පැමිණියහොත් අවශ්‍ය කටයුතු සිදුකිරීම සදහා සෞඛ්‍ය අංශ සූදානම්ව සිටින බව වෛරස් විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ ඊයේ (06) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

ජනාධිපති අරමුදලට වැරදි තොරතුරු දීලා.. මුදල් ගත්ත හිටපු මන්ත්‍රීවරුන්ට මොකද වෙන්නේ?. කරන්න යන දෙය මෙන්න..
මේ අතර, එම වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පළමු වරට ඉන්දියාවෙන් හදුනාගෙන ගැණින.
ඒ බැංගලෝර් නගරයේ රෝහලකින් ය.
ඒ අනුව මාස 03 ක් සහ මාස 08ක් වයසැති බිළිදුන් දෙදෙනෙක් එම වයිරසයට භාජනය වී තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම වෛරසය නව වෛරසයක් නොවන හෙයින් අනියත බියක් ඇතිකර ගැනීම අවශ්‍ය නොවන බව වැඩිදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සඳහන් කළේය.
You May Like This Video👇
.