වහාම, රජයේ පාසල්වල දරුවන්ට පවත්වන්න ගිය විභාගයක්.. නැවත දැනුම්දෙනකම් නවතා දමයි..
උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අවලංගු කර තිබෙනවා.
ඒ යළි දැනුම් දෙනතුරුයි.
එම තීරණය ගෙන ඇත්තේ එම වාර විභාගයට අදාළ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ඔස්සේ පිටවී ඇතැයි තහවුරු වීමත් සමග ය.
ප්‍රශ්න පත්‍රය පිටවීමත් සමග උතුරු මැද පළාතේ පාසල්වල අද (06) දින පැවැත්වීමට තිබූ අවසන් වාර විභාගය කල්දැමීමට කටයුතු කෙරිණ.
ඒ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, ඒ අනුව අද උදෑසන වනවිට කලාප 8ක කොට්ඨාස 30කට අයත් පාසල් 600කට අධික ප්‍රමාණයක අදාළ ප්‍රශ්න පත්‍රය බෙදාහැරීම නැවැත්විණ.
You May Like This Video👇