දේශබන්ධු තෙන්නකෝන් සැඟවී සිටි ස්ථානය
By Dharu
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැඟවී සිටින්නේ ලොකු දේශපාලඥයෙකුගේ නිවසේ බවට තොරතුරු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
පොලිස්පතිවරයෙක් පොලිසියට බියේ සැඟවී සිටින්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට බවත් ඔහු පැවසීය.
ශානි අබේසේකර මහතා දක්ෂයෙක් නිසා සැඟවී සිටින පොලිස්පතිවරයා අල්ලා ගනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.
උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.
