සෙව්වන්දි ගැන හෝඩුවාවක්!

Report

පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි පිටුපස තවත් පාතාල කල්ලි නායකයින් රැසක් සිටින බවට සිදු කරන ලද විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.

මේවන විට ගනේමුල්ලේ සංජීවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැණුනද 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය තවමත් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැත.

ඒ අනුව පොලිස් කණ්ඩායම් රැසක්ම ඇය සොයා විමර්ශන සිදුකරමින් සිටිනවා.

එවැනි පසුබිමක් තුළ ඇය මුහුදු මාර්ගය ඔස්සේ බෝට්ටුවකින් පලා ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.

මෙන්න මේවා භාවිතය වැඩි වෙලාලු...හිතා ගන්නවත් පුළුවන් ද?

මෙන්න මේවා භාවිතය වැඩි වෙලාලු...හිතා ගන්නවත් පුළුවන් ද?

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අයෙක් පොලිස් දැලේ

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අයෙක් පොලිස් දැලේ