දෙදෙරු පියෙකුට සිදු වූ නොසිතූ කරදරය.. පහරකෑමට බයේ අසල්වැසි නිවසට ගිය බිරිඳ හා දරුවන් අනූ නවයෙන් බේරේ..

Sri Lanka Police Sri Lanka Fire Death
By Piyumika Jun 20, 2024 09:33 AM GMT
Piyumika

Piyumika

Report

ඇල්පිටිය තලාව ප්‍රදේශයේ නිවෙසක අද (20) අලුයම ඇති වූ ගින්නකින් නිවාසය සම්පූර්ණයෙන්ම විනාශවී , නිවෙස් හිමියාද ගින්නට හසුවී මියගොස් ඇත .

එළවලු ලොරියයි ඉන්ධන බවුසරයයි එකට ගැටී දෙදෙනෙකුට බරපතලයි ..

එළවලු ලොරියයි ඉන්ධන බවුසරයයි එකට ගැටී දෙදෙනෙකුට බරපතලයි ..

මෙසේ මියගොස් ඇත්තේ ඇල්පිටිය තලාව අලිකෑහේන පාරේ පදිංචිව සිටි පන්සල්වත්තේ ගෙදර සුජිත් සමන්ත දිසානායක හෙවත් ජනක නැමැති 48 හැවිරිදි දෙදරු පියෙකි.ඔහුපෙදරේරුවකු වශයෙන් රැකියාව කරයි.

අද අලුුයම 3.30 ට පමණ මෙම නිවසේ අඹුසැමියන් අතර ආරවුලක් ඇතිවී ඇති බවත් බීමත්ව සිටි නිවෙස් හිමියා පොරවක් ගෙන බිරිඳට හා දරුවන්ට පහරදීමට උත්සාහ දරා ඇති බවත් එවිට දරුවන් හා බිරිඳ නිවෙසින් පළාගොස් අසල නිවෙසක සැඟවී දිවි බේරාගෙන සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත.

මොකක්ද මේ බන්ධනාගාරගත රැඳවියන්ට ලැබුන විශේෂ අවස්ථාව..

මොකක්ද මේ බන්ධනාගාරගත රැඳවියන්ට ලැබුන විශේෂ අවස්ථාව..

පසුව නිවෙසට ගිනි ඇවිලී ඇති බවත් නිවෙස දෙසින් විළාප නගන හඬක් ඇසී තිබේ.මෙම ගින්න නිවාදැම්මට නොහැකිවී තිබෙන අතර නිවසේ ඉදිරිපස කාමරයක ඇති පිළිස්සි ගිය මළසිරුර නිවෙස් හිමියාගේ විය හැකි බවට පොලිසිය විශ්වාස කරයි.

ඇල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%