ට්‍රම්ප් සහ යුක්‍රේන ජනපති අතර සාකච්ඡාව සාර්ථකව අවසන්

Report

 ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවති සාකච්ඡාව ඉතා සාර්ථකම අවසන් වු බව  ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, යුද්ධය සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදුකිරීමට මෙම සාකච්ඡාවේ දී අවස්ථාව හිමි වූ බවය. අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඊයේ (18) ධවල මන්දිරයේ පැවති සාකඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ව්ලොද්මියර් සෙලෙන්ස්කි මේ බව ප්‍රකාශ කර තිබේ.

හිටපු ඇමැතිවරුන් මනුෂ, වඩිවේල්, සාගල නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට කැඳවෙයි

හිටපු ඇමැතිවරුන් මනුෂ, වඩිවේල්, සාගල නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට කැඳවෙයි

රුසියාව සමග යුද්ධය අවසන් වුවහොත් මැතිවරණය පැවැත්වීමට තමන් සූදානම් බව ද යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර පැවති මෙම සාකච්ඡාවට ලෝකයේ වැඩි අවධානයක් යොමුවූ අතර අදාළ සාකච්ඡාවට යුරෝපා කවුන්සිලයේ සභාපතිනිය, බ්‍රිතාන්‍ය අගමැති, ප්‍රංශ ජනපති, ජර්මන් චන්සලර්, ඉතාලි අගමැති, නේටෝ සමාගමේ ලේකම්වරයා ඇතුළු කණ්ඩායමක් සහභාගී වී සිටියහ.

අදාළ සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සමග දුරකථන මාර්ගයෙන් අදහස් හුවමාරු කර ගැනීමක් සිදුකර ඇති බව වාර්තා වේ.

තුසිත හල්ලොලුව අත්අඩංගුවට

තුසිත හල්ලොලුව අත්අඩංගුවට