මන්නාරමට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා හදිසියේම ගිහින්.. නිළධාරීන්ට වහාම දුන්න උපදේශය මෙන්න..(PHOTOS)
දිවයිනට බලපා ඇති වර්ෂාධික කාලගුණ තත්ත්වය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය පිළිබඳ සොයා බැලීමට හා ඒ වෙනුවෙන් අවශ්‍ය සහන සැලසීමේ කටයුතු නිරීක්ෂණය කොට කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ඊයේ (26) දින සවස එම ප්‍රදේශයේ හදිසි සංචාරයක නිරත විය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ යුද හමුදාපති, නාවික හමුදාපති, ආපදා කළමනා කරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සහ ප්‍රාදේශීය ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරින් ද අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි ලෙස විපතට පත් ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ඒ අතුරින් මන්නාරම හා ඒ අවට ප්‍රදේශය වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇත.
දැනට එම ප්‍රදේශයේ විපතට පත් වූවන් වෙනුවෙන් ස්ථාපිත සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත ගොස් එහි ක්‍රියාත්මක සුබසාධන කටයුතු පිළිබඳව සොයා බැලූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, විශේෂයෙන්ම කුඩා ළමුන්, කාන්තාවන් සහ වැඩිහිටි ප්‍රජාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන ලෙසත් විපතට පත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ නිලධාරීන් හට උපදෙස් ලබා දුන්නේය.
මන්නාරම දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාල නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් දිස්ත්‍රික්කයේ අවතැන් වූ පිරිස් වෙත සහන සැලසීමේ අරමුණින් මේ වන විට ආපදා සහන මධ්‍යස්ථාන 25 ක් ක්‍රියාත්මක වන අතර, ආපදාවට පත් අයවලුන් වෙනුවෙන් කඩිනම් සහන සැලසීමට කටයුතු කර ඇත.
එමෙන්ම, උතුරු පළාත් ආණ්ඩුකාරවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (27) දින පෙරවරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරින් මෙන්ම ආපදාවන්ට ලක් වී ඇති ප්‍රදේශ වල ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.
දැනට පවතින තත්ත්වය හා එහි ඉදිරි ප්‍රවණතා මෙන්ම පවතින ආපදා තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ඒ වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින සහන සැලසීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානයට ලක් කරන ලදී.
එමෙන්ම, ජීවිත හානි වැළැක්වීම සඳහා මුදා ගැනීමේ කටයුතු මෙන්ම අවතැන් වූ ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන කටයුතු සැලසීම කඩිනම් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඔහු අදාළ නිලධාරීන් වෙත උපදෙස් දුන්නේය.
ඒ සම්බන්ධයෙන් නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video 👇
.