කුලියට ගෙවල් දෙන්නේ පරිස්සමින්..! නිවෙස් හිමිකාරියට නිදි පෙති පොවා කාන්තාවන් ඇතුළු පිරිසක් එක්ව සිදු කල අපරාධය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi මාස 11 කට පෙර
Sewvandhi

Sewvandhi

Report

කුලියට නිවසක් ලබා ගැනීමේ මුවාවෙන් නිවසකට ඇතුළු වී නිවෙස් හිමිකාරිය ට පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් ලක්ෂ ගණනාවක රන් භාණ්ඩ කොල්ල කෑ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වෙනවා.

තලවතුගොඩ ප්‍රදේශයේ නිවසක මෙම සිදුවීම සිදුවී තිබෙන අතර කුලියට නිවසක් ලබා ගැනීමේ මුවාවෙන් එකම පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු පැමිණ නිවෙස් හිමිකාරිය ට පිහියක් පෙන්වා බිය ගන්වා පහරදී තුවාල සිදුකර අනතුරුව නිදි පෙති පොවා මෙම කොල්ල කෑම සිදුකර තිබෙනවා.

ඉකුත් හත් වෙනි දින තලංගම පොලිස් ස්ථානයට වාර්තා ව තිබූ මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් පේරාදෙණිය පිළිමතලාව හා දොම්පේ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

කොල්ල කන ලද රන් භාණ්ඩ වලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා තවත් කොටසක් පේරාදෙණිය ප්‍රදේශයේ උකස් ආයතනයකට උකස් කර මුදල් ලබාගෙන ඇති බවට දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now