කොටහේනේ දැරියගේ සිදුවීමට සමාජයක් හැටියට අපි ෆේල් හරිනි කියයි.....

Sri Lanka Parliament Sajith Premadasa Harini Amarasuriya Sinhala news
By Hashini May 09, 2025 08:43 AM GMT
Hashini

Hashini

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ළමා අපයෝජන සිදුවීම් වළක්වා ගැනීමටත්, එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කළ යුතු බවයි.

කොළඹ බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලැබූ පාසල් දැරියක් එම පාසලේම ගුරුවරයකු විසින් අපයෝජනයට ලක්කිරීම හේතුවෙන් සිදු වූ මානසික කම්පනය නිසා සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අද (09) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

මෙවැනි සිදුවීමකදී පැමිණිල්ලක් නොලැබුණු බවට පැවසීම වෙනුව යුක්තිය ඉෂ්ඨ කිරීමට අදාළ යාන්ත්‍රණයක් සැකසීම වඩා වැදගත් බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නේ.

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

එම අවස්ථාවේදී ඊට පිළිතුරු ලබා දුන් අගමැතිනි හරිනි අමරසූරිය පවසා සිටියේ “මෙවැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බවත්ය.

ඇය තවදුරටත් ප්‍රකාශ කළේ, මේ වන විට ඇය සහ ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය අද උදෑසන සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙවැනි සිදුවීමක් වාර්තා කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලීසිය එක්ව කටයුතු කරන යාන්ත්‍රණයක් සැකසීම අරමුණු කරගෙන සැලසුමක් සකස් කරමින් පවතින බවයි.

මේක අතිශයින්ම සංවේදී ප්‍රශ්නයක්, දෙමව්පියන් හැටියට දරාගන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා, අපි මේව පිළිබඳ කතා කරන විදියත් මැදිහත් වෙන විදියත් ගැන පරිස්සම් වෙන්න ඕන ඒ වගේම අවස්ථා නොකරගත යුතුයි දේශපාලනිකව මැදිහත් වෙන්න, වයස අවුරුදු 13ක දැරියකට මේ විදියට තමන්ගේ ජිවිතය අවස්න් කරන්න තීරණයක් ගන්න සිද්ධ වුණා කියන්නේ සමාජයක් හැටියට අපි ෆේල්, මේකෙ පළවෙනි සිදුවීම සිදුවුණු අවස්ථාවේදී මේ පිළිබඳ වාර්තා කරණය හරියට සිදුවෙලා නැහැ,මේ වෙනකොට විදුහල්පතිවරියගෙනුත් විමසලා තියෙනවා ඇයි මේ සිදුවීම හරියට වාර්තා නොකළේ ඇයි කියන එක ගැන වගේම සිද්ධියට අදාළ ගුරුවරයා පිළිබඳව දැනුම් නොදුන්නේ ඇයි කියන එක ගැන…

IPL දින නියමයක් නොමැතිව කල් යයි

IPL දින නියමයක් නොමැතිව කල් යයි


ReeCha