ආදායමට වඩා එහා ගිය වියදම
කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා විසින් 2025 පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාව රුපියල් බිලියන 970.58 ක බදු ආදායමක් රැස් කර ඇති බව පැවසුවා.
ඒ අනුව වත්මන් වියදම රුපියල් බිලියන 1,226.55 ක් වී ඇතැයි ද කාර්තුමය මූල්‍ය වාර්තාවක සඳහන් බව ප්‍රකාශ කළා.
තව ද ප්‍රාග්ධන ආදායම් රුපියල් බිලියන 5.77 ක් ද බදු නොවන ආදායම් රුපියල් බිලියන 87.26 ක් ද ප්‍රදාන රුපියල් බිලියන 1.05 ක් ද ආදායම් සහ ප්‍රදාන රුපියල් බිලියන 1,046 ක් ද වන බව පවසයි.
ඒ අනුව ප්‍රාග්ධන වියදම් සහ ණය ආපසු ගෙවීමට යන වියදම රුපියල් බිලියන 336.39 ක් බව සඳහන්.
මෙහි දී 2024 පළමු කාර්තුවට සම්මත අයවැය වාර්තා කළ දත්ත ලෙස රුපියල් බිලියන 837.4 ට සාපේක්ෂව බදු ආදායම රුපියල් බිලියන 133.2 කින් ඉහළ ගොස් ඇත.
එසේම පසුගිය වර්ෂයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,084 සිට පළමු කාර්තුවේදී රුපියල් බිලියන 1,222.6 දක්වා රුපියල් බිලියන 142.1 කින් වර්ධනය වී තිබෙනවා.
