අපි ෆේල් - අගමැතිනි හරිනි
කොටහේන වැනි සිදුවීම් මගින් පෙන්නවා දෙන්නේ සමාජයක් විදිහට අපි අසමත් බවත්, අප සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකිවයුතු බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසීය.
“ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි සිදුවීම් වාර්තා වූ විට කටයුතු කිරීම සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලීසිය සහ ජාතික ළමාරක්ෂණ හා ආරක්ෂණ අධිකාරිය යනාදී ආයතනවල ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යාන්ත්‍රණයක් අපි හඳුන්වා දෙන්නෙමු.
කොටහේන ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් වූ කාලය තුළ අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පතිවරයාගෙන් ද, දරුවාට අපයෝජනය කළ ගුරුවරයාට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් ද පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා,”
ඇය තවදුරටත් පැවසුවාය.