අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO)

Report

විරෝධතාවයක් හේතුවෙන් කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

කොළඹ කොට්ටාංචේනයි ප්‍රදේශයේ පසුගිය 29 වැනිදා ගොඩනැගිල්ලකින් පැන මියගිය ඩිල්ෂි අම්ෂිකා ශිෂ්‍යාවට යුක්තිය ඉල්ලා කොලඹ අද(8) දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ වී ඇත.

මෙම විරෝධතාවය බම්බලපිටිය රාමනාදන් මධ්‍ය විද්‍යාලයයේ සිට කොට්ටාංසේන දක්වා යාමට නියමිතය.

කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් පැන දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වනවිට අදාළ සිසුවි​ය ඉගෙනගත් විදුහල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මියගිය දැරියගේ මව සඳහන් කර තිබුණේ ඇයට මුහුණදීමට සිදුවූ සිදුවීම් හේතුවෙන් දැරිය සියදිවි හානිකරගෙන ඇති බවයි. 

අම්ෂිකාට යුක්තිය ඉල්ලා ජනතාව පාරට බසී - මාර්ග රැසක් අවහිර වේ (PHOTO) (VIDEO) | Justice For Amshika Road Blocked Bambalapitiya