නොදැන සිටියාද ? දැනගෙන සිටියාද ?
නීති විරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලාදේශ ජාතිකයන් 34 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත් අඩංගුවට ගෙන ඇති විදෙස් ජාතිකයන්ගේ වීසා කාලය ද ඉක්මවා තිබූ බව වාර්තා වේ.
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අදාළ විදේශ ජාතිකයන් පිරිස අත් අඩංගුවට ගෙන ඇත. ඔවුන් අත් අඩංගුවට පත් වී ඇත්තේ සීදුව ප්‍රදේශයේ නවාතැන් පලක රැදී සිටිය දී ය.
අදාළ විදෙස් ජාතිකයන් වයස අවුරුදු 19 - 54 වයස් වල පසුවන්නන් බවයි වාර්තා වී ඇත්තේ.
ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් වෙත ලැබී ඇති බුද්ධි තොරතුරක් අනුව අදාළ පිරිස අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් බංගලාදේශ ජාතිකයන් පිරිස හැකි ඉක්මනින් බංගලාදේශය දක්වා පිටුවහල් කිරීමට සියලු කටයුතු සුඳනම් කරන බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව සදහන් කර සිටියා.
ඔවුන් මේ වන විට වැලිසර ආගමන විගමන දෙපාර්තුමේන්තුවට අයත් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටින බව ආගමන විගමන දෙපාර්තුමේන්තුව පවසා සිටියා.
