යළි කරළියට එන සුඛෝපභෝගී වාහන

Report

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන විකිණීම සදහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැදවා තිබෙනවා.  එලෙස විකිණීම සදහා වාහන 27 ක් ඇති බවයි සදහන් වන්නේ.   

ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටින්නේ 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන විකිනීමට නියමිත වාහන අතරට ඇතුළත් බවයි .

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

මන්ත්‍රී විශ්‍රාම වැටුපත් කැපෙන ලකුණු....

මෙම වාහන අතර BMW මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche කේයින් මෝටර් රථ 01ක්, රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, ටොයෝටා V8 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වන බවයි සඳහන් වෙන්නේ.

දින තුනකට වසා තැබෙන ස්ථාන මෙන්න

දින තුනකට වසා තැබෙන ස්ථාන මෙන්න

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ .

යළි කරළියට එන සුඛෝපභෝගී වාහන | Sri Lanka Economy

යළි කරළියට එන සුඛෝපභෝගී වාහන | Sri Lanka Economy