ඔන්න ඒ ආසාවත් ඉෂ්ට වෙන්න යන්නේ,Tesla එකෙන් කාර් මොඩ්ල් තුනක් ලංකාවට ඒකත් බදු නැතුව

Report

මෙරට සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති වෙළෙඳ සාකච්ඡාවලදී ඇමරිකානු නිෂ්පාදිත වාහන වෙනුවෙන් තීරුබදු රහිත ප්‍රවේශයක් ලබා දෙන මෙන් යෝජනාවක් ඉදිරිපත් වූ බවට තොරතුරු වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම යෝජනාවට දෙරට අතර පවතින වෙළෙඳ හිඟය ශ්‍රී ලංකාවට වාසිදායක සේ පවතින නිසා එය සමනය කිරීම වෙනුවෙන් ඇමරිකානු පාර්ශ්වය දැක්වූ උනන්දුව ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සඳහන්.

අස්වැසුම අගෝස්තු මස දීමනාව අද ගිණුම්වලට

අස්වැසුම අගෝස්තු මස දීමනාව අද ගිණුම්වලට

එසේම අඳාළ සාකච්ඡා අතරතුරදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටට පැනවූ සියයට 20ක තීරුබද්ද අඩු කර තිබෙනවා.

ඒ අනුව යෝජනාව ක්‍රියාත්මක වුවහොත්, Tesla ඇතුළු ඇමරිකාවේ නිෂ්පාදනය වන උසස් තත්ත්වයේ විද්‍යුත් (electric) වාහන මෙරට වෙළෙඳපොළට තීරුබදු රහිතව ඇතුළු වීමට අවස්ථාව ලැබෙන බව සඳහන්.

විද්‍යුත් වාහන තාක්ෂණයේ පුරෝගාමියෙක් වන Tesla දැනටමත් ඔවුන්ගේ Model 3, Model Y, සහ Model S වැනි මාදිලිවලට ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගෙන තිබෙනවා.

එසේම Ford, Chevrolet සහ Jeep වැනි ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයන්ගේ වාහන ද මෙරට වෙළෙඳපොළට පහසුවෙන් ඇතුළු වීමට මෙමඟින් ඉඩකඩ ලැබෙනු ඇති බව සඳහන්.

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

අද දිනයේ - ප්‍රවේශම සහ ඉවසිලිය ඔබේ බලය වේ

කෙසේ වුවද මෙම වාහනවලට පවතින අධික තීරුබදු නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ ඒවායේ මිල ඉතා ඉහළ මට්ටමක තිබෙනවා.

එහෙත් මෙම තත්ත්වය වෙනස් වුවහොත් උසස් තාක්ෂණයෙන් සහ ආරක්ෂිත පහසුකම්වලින් යුත් ඇමරිකානු වාහන සාධාරණ මිලකට ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇති බව ද පවසයි.

එහෙත් ඇමරිකානු පාර්ශවයේ මෙම යෝජනාවට මෙරටින් එකවර අනුමැතිය ලබා දී නැති බව වාර්තා වේ.

ඒ අනුව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡාවලදී ශ්‍රී ලංකා රජය මෙම යෝජනාව සම්බන්ධයෙන් පියවරෙන් පියවර සලකා බලන බව ප්‍රකාශ කර තිබෙනවා.

බුවී මහන්සි වුණ හැම රැයක්ම හැම කැපකිරීමක්ම මම දැක්කා එයා මේක කළේ අපි හැමෝම වෙනුවෙන්, සජිතගේ සංවේදී සටහන

බුවී මහන්සි වුණ හැම රැයක්ම හැම කැපකිරීමක්ම මම දැක්කා එයා මේක කළේ අපි හැමෝම වෙනුවෙන්, සජිතගේ සංවේදී සටහන

එමෙන්ම මෙම සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවත් ඇමරිකා තීරුබද්ද තවත් අඩු කර ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව උත්සාහ කරන බවත් රජය පෙන්වා දෙයි.

පහත දක්වා ඇති මිල ගණන් ඇමරිකාවේ නිල මිල ගණන් වන අතර මෙරට මිල ගණන් තීරුබදු නොමැතිව ගණනය කළ ආසන්න අගයන් වේ.

එසේම රථයේ මාදිලිය, අමතර විශේෂාංග සහ විනිමය අනුපාත මත මෙම මිල වෙනස් විය හැකි බව පවසයි.

මාදිලිය                             ඇමරිකාවේ ආරම්භක මිල (USD)                           තීරුබදු නොමැතිව ශ්‍රී ලංකාවේ ආසන්න මිල (LKR)

Tesla Model 3                ~$44,130 ~                                                        රුපියල් 13,239,000

Tesla Model Y               ~$46,630 ~                                                         රුපියල් 13,989,000

Tesla Model S               ~$86,630 ~                                                         රුපියල් 25,989,000

Tesla Model X               ~$91,630 ~                                                         රුපියල් 27,489,000

Tesla Cybertruck          ~$79,990 ~                                                          රුපියල් 23,997,000

වාහන ආනයනයෙන් ඩොලර් බිලියනයක් ඉක්මවූ ආදායමක් - ආර්ථිකයට නව තල්ලුවක්

වාහන ආනයනයෙන් ඩොලර් බිලියනයක් ඉක්මවූ ආදායමක් - ආර්ථිකයට නව තල්ලුවක්