වාහන ආනයනයෙන් ඩොලර් බිලියනයක් ඉක්මවූ ආදායමක් - ආර්ථිකයට නව තල්ලුවක්

Report

වාහන ආනයනයෙන් මේ වන විට ඉලක්කගත ආදායමෙන් 72%ක් සපුරා ගෙන ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී හෙළි වී ඇත.

ඒ අනුව, 2025 වසර අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික ආදායමක් ලබා ගත හැකි බව භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය.

මෙම තොරතුරු අනාවරණය වූයේ, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

EPF සාමාජිකයින්ට විශේෂ දැනුම්දීමක් - පැමිණිලි සඳහා විශේෂ දුරකථන අංකයක්

කමිටු සාමාජිත පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක - දැන් වාහන කීයක් විතර ඇවිල්ලා තිබෙනවාද? අපේ ටාගට් එක ළං වෙලාද? අපි ලබාගෙන තිබෙන මුළු ආදායම කොපමණද?  

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක - මුළු ආදායම අගෝස්තු 05 වැනිදා වෙද්දි රුපියල් බිලියන 316යි. ඒක ඇස්තමේන්තු මුදලින් 72%ක් පමණ වෙනවා.  

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න - අගෝස්තු 06 වැනිදා වෙනකන් එල්.සී. විවෘත කරලා තියෙනවා 1278ක්. වාහන 172, 292ට. ආදායම ඇවිත් තිබෙනවා රුපියල් බිලියන 321ක්.

රාජ්‍ය සේවයටත් ඇතුල්වෙන AI - ඒ ගැන දැනගන්න, නැත්නම් අමාරුවේ..

රාජ්‍ය සේවයටත් ඇතුල්වෙන AI - ඒ ගැන දැනගන්න, නැත්නම් අමාරුවේ..

කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ - ඒ ඇවිල්ලා තියෙන්නේ ආපු වාහනවලින්නේ?

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න - ඔව්. නිෂ්කාශනය වූ සී.අයි.එෆ් වටිනාකම 671යි.  

කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ - ඒ කියන්නේ ආදායම දෙගුණයක් කරන්න පුළුවන්?

වසන්ත සමරසිංහ ඇමති කැබිනට්ටුවෙන් දොට්ට..

වසන්ත සමරසිංහ ඇමති කැබිනට්ටුවෙන් දොට්ට..

භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ.සෙනෙවිරත්න - අවුරුද්ද අවසානයේ බිලියන 1ක් නිෂ්කාශනය වෙයි වාහනවලට. ඒ අනුව ආදායම් ඉලක්කය තිබුණේ 1.5යි. එල්.සී. විවෘත කළ සියල්ල නිෂ්කාශනය වෙයිද කියන්න බැහැ. දැනට 671ක් කියන්නේ අවුරුද්ද අවසානය වෙනකොට අපේ ටාගට් එක ලැබෙයි.

දේශපාලන වේදිකාව දැඩි උණුසුමක - විපක්ෂයේ විශේෂ සාකච්ඡාව අද

දේශපාලන වේදිකාව දැඩි උණුසුමක - විපක්ෂයේ විශේෂ සාකච්ඡාව අද