කොළඹ ජනප්‍රිය පාසලක ගුරු සිසු වීඩියෝවට ගුරුවරුන් කණ්ඩායමක් පොලිසියට

Report

කොළඹ ජනප්‍රිය පාසලක සිසුවකුගේ සහ ගුරුවරියන්ගේ මතභේදාත්මක වීඩියෝ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් නීතිමය සහාය පතා ඇති බව වාර්තා වේ.

සිසුවාගේ නොමනා හැසිරීම සම්බන්ධයෙන් බලධාරීන් නිහඬව සිටින බවත් සිසුවාගේ සිදුවීම පිළිබඳව විදුහල්පතිවරයාට සහ පරිපාලනයට දැනුම් දුන්නද ඔවුන් නිසි පියවර නොගත් බවත්, ගුරු කණ්ඩායම බොරැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර ඇති බවටත් වාර්තාවේ. මේ සම්බන්දව පොලිසිය විමසු විට පැහැදිලි උත්තරයක් අපිට ලැබුනේ නැත.

මෙම ගැටලුව පිළිබඳව විදුහල්පති, උප විදුහල්පති සහ ශිෂ්‍යාව භාර ගුරුවරයාට අවස්ථා කිහිපයකදී දැනුම් දුන්නද, ඔවුන්ට යුක්තිය ඉටු නොවූ බව ගුරුවරුන් චෝදනා කර ඇත.

ළමා ලිංගික අපරාධ සහිත එප්ස්ටයින් ලිපිගොනු එලියට - ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ කුඩා දරුවන්ට මොකද වුණේ?

ළමා ලිංගික අපරාධ සහිත එප්ස්ටයින් ලිපිගොනු එලියට - ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ කුඩා දරුවන්ට මොකද වුණේ?

පෙර පැමිණිලි නොසලකා හරිමින් නිලධාරීන්ගේ ක්‍රියාමාර්ග සඳහා හේතු විමර්ශනය කරන ලෙස පැමිණිලිකරුවන් පොලිසියෙන් ඉල්ලා ඇති අතර එවැනි වීඩියෝ අන්තර්ජාලයට උඩුගත කර මුදල් උපයා තිබේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසද ඔවුන් ඉල්ලා තිබේ.

මෙම කාරණය ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කර ඇති අතර දැනට කාර්යාංශය විසින් විමර්ශනය කරන බව වාර්තා වේ.

දරුණු ගුටිබැටයක් - ජනප්‍රිය නිළියකගේ පුතෙකුත් ඒ අතරලු

දරුණු ගුටිබැටයක් - ජනප්‍රිය නිළියකගේ පුතෙකුත් ඒ අතරලු