දරුණු ගුටිබැටයක් - ජනප්‍රිය නිළියකගේ පුතෙකුත් ඒ අතරලු
තරුණයෙකු තවත් තරුණයෙකුට අමානුෂික ලෙස පහර දෙන සිද්ධියට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර එය ආන්දෝලනයක් ඇති කර තිබේ. රාජගිරිය ප්‍රදේශයේ ගරාජයක් තුළ මෙම ප්‍රහාරය සිදුවී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම මාස තුනකට පෙර සිදු වූ බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. ඊයේ සිදුවීම සමාජ මාධ්‍යවල පැතිර යාමෙන් පසු, ප්‍රහාරයට ලක් වූ තරුණයා වැලිකඩ පොලිසියට පැමිණ පැමිණිල්ලක් ගොනු කළේය.
ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයින් හඳුනාගෙන තිබේ. එමෙන්ම තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇත. වාර්තාවලට අනුව, ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ප්‍රසිද්ධ නිළියකගේ පුත්‍රයා ද එම ස්ථානයේ සිට ඇත. පොලිස් පරීක්ෂණවලදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව නිලධාරියෙක් පැවසීය.