ළමයින්ට අමුතුම නැටුමක් පෙන්වූ ගුරුවරයා..
Sexual harassment
Child Abuse
Crime
School Incident
By Sewvandhi
ඊයේ (13) තම නර්තන පන්තියට පැමිණි බාලවයස්කාර දැරියන්ට ලිංගික අතවර කළ බව කියන නැටුම් පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලීසිය පවසයි.
රණාල බටේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 38 හැවිරිදි විවාහක නර්ථන පන්ති ගුරුවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන්නේ, සැකකරු විසින් තම නර්ථන පන්තියට පැමිණි දැරියන්ව අපයෝජනයට ලක්කර ඇති බව අනාවරණය වී ඇති බවයි.
සැකකරු සම්බන්ධයෙන් තලංගම සහ නවගමුව පොලිසිවලටද පැමිණිලි ලැබී ඇතැයි හංවැල්ල පොලීසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.