දිවයිනේ සියලුම ජාතික හා පළාත් පාසල්වල ගුරුවරුන්ට අති විශේෂ දැනුම්දීමක්
දිවයිනේ සමස්ත ජාතික හා පළාත් පාසල්වල සේවයේ නියුතු ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතා කඩඉම් විභාග කඩිනමින් පැවැත්වීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර අද දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පවත්වා තිබේ.
ඒ අනුව එම සාකච්ඡාවේදී එළඹුණු තීරණවලට අනුව දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල සේවය කරනු ලබන ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් වෙනුවෙන් වන,
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.
එමෙන්ම ඔවුන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය 2026 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමටත්,
තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය දෙදහස් විසිහය වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමටත්,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් මෙහිදී නිල වශයෙන් සිය එකඟතාව පළ කර ඇත.