බහුතරයක් රජයට බදු ගෙවලා නෑ සිද්ධ වෙන්න යන දේ මෙන්න

Income Tax Department Income Tax Return Sinhala news
By Mithu Apr 13, 2025 04:23 AM GMT
Mithu

Mithu

Report

 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ තනි පුද්ගල ව්‍යාපාර බදු ලිපි ගොනු මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් පැවතියද, 2023/24 ආදායම් වර්ෂයට අදාළව අදායම් බදු වාර්තා ලක්ෂ එක හමාරක්වත් ලැබී නැතැයි එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 2023/24 වර්ෂයට අදාළ බදු වාර්තා ඉකුත් වසරේ (2024) නොවැම්බර් මාසය අවසානයට පෙර බදු ගෙවන්නන් භාරදියයුතු බවද දෙපාර්තමේන්තුවේ තොරතුරු සඳහන් කරයි.

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

අලුත් අවුරුද්දේ පොලිසියට සම්මාදන්, ජෝගී බෑ

මෙම බදු වාර්තා මාර්ගගත (Online) ක්‍රමයට දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ඇතුළත් කිරීම බදු පනතින් අනිවාර්ය කර තිබුණද, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බදු වාර්තා ලබාදීමේදී ඇතිවන අපහසුතා අවම කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට ඒවා ඇතුළත් කිරීම හෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට, ප්‍රාදේශීය කාර්යාලවලට අතින් ගෙනැවිත් බාරදීමේ අවස්ථාව සලසා දී තිබේ.

කෙසේ නමුත්, අදාළ බදු වාර්තා කඩිනමින් තනි පුද්ගල ව්‍යාපාර හිමියන්ගෙන් ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එහි නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක්ද මේ දිනවල ආරම්භ කර තිබේ. බදු අනුකූලතාවය ජාත්‍යන්තර නිර්ණායකයක් වන අතර, එය සියයට 80ක පවත්වාගෙන යෑම ප්‍රශස්ත මට්ටමකි. නමුත්, බදු අනුකූලතාවය අනුව ශ්‍රී ලංකාව පහළ මට්ටමක සිටීම ගැටලුදායක තත්ත්වයක් බව ආර්ථික විශේෂඥයෝ පවසති.

අවුරුද්දට ලංකාවේ එකම එක පළාතක හදන දිව්‍ය භෝජනය

අවුරුද්දට ලංකාවේ එකම එක පළාතක හදන දිව්‍ය භෝජනය

ReeCha