අවුරුද්දට ලංකාවේ එකම එක පළාතක හදන දිව්‍ය භෝජනය

Report

 මේක සබරගමුවට විතරක්ම සුවිශේෂී වෙච්චි ආහාරයක්. සබරගමුවේ හෙළ මිනිස්සු අතීතයේ මේ හත්මාළුව සකසගත්තේ පළාත් භාර සුමන සමන් දෙවියන්හට හා සූර්ය දේව රාජයන්ට කරන පුදසත්කාරයක් විදිහට.

එම නිසා අනිවාර්යයෙන්ම මෙම මාළුවට වර්ග 7 ක් තෝරගෙන තියෙනවා.. ඒ දලු , අල , ගෙඩි , කොළ , කරල් , ඇට , මද යන වර්ග හතක් නියෝජනය වන ආකාරයටයි. කොස් ඇට හා කජු මද අනිවාර්යයෙන්ම අඩංගු වෙන්නම ඕනි.

ආච්චී සහ සීයා ඝාතනය කළ මුණුපුරා

ආච්චී සහ සීයා ඝාතනය කළ මුණුපුරා

ගම් වලනම් සිංහල අලුත් අවුරුදු වලට අනිවාර්යයෙන් හත්මාළුව දවස් 7 ක් වත් උයනවා.. ඒ නැකතට හා ඉන් පසුව එන යන නෑයන්ට කෑමට දෙන්න. පැරණි විශ්වාසයක් තියෙනවා තවමත් පැවත එන මේ හත්මාළුව අප්‍රේල් මාසයේ එම නැකතට හැර නිවෙස් වල පිසින්න හොඳ නැහැ කියල.

එහෙම පිසිනවානම් එක්කො මේ වර්ග 7 කට අඩු හෝ 7 කට වැඩි විය යුතුයි. ඒ මෙම ආහාරය පුජාවක් ලෙස සකසන දෙයක් නිසයි. අවුරුදු ගොට්ටට අවුරුදු කුමාරය වඩින්නෙ මේ පූජාවට කියල තමයි මතය. ඉතින් අපි දැන් බලමු හත්මාළුව සකසගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය ; කජු මඳ මෑ කරල් කොස් ඇට වට්ටක්කා දළු කිරි අල අළු කෙසෙල් පරිප්පු මිටක් වම්බටු වට්ටක්කා මේ සියල්ල සෝදා එක නැව්ම් මැටි භාජනයකට කපා දමාගෙන එයට ලුණු කුඩු, තුන පහ, රතු ලූනු , සුදු ලූනු , අමු මිරිස්, මිරිස් කුඩු ( වැඩි නොකර මෙය කිරට සකසන ආහාරයක් ) ගම්මිරිස් , අඹ , කහ කුඩු , උළු හාල් , කුරුඳු පොතු කැබැල්ලක් , රම්පෙ , කරපිංචා යන සියල්ල ඇති පදමට එක් කර දිය කිරෙන් ළිප තබා. පිසගෙන එනවිට මිටිකිරි එක් කර ඉදෙන්න හැර බාගන්න.

ලොව වයස්ගතම ගෝරිල්ලා "ෆටූ"ට හෙට දිනට 68යි

ලොව වයස්ගතම ගෝරිල්ලා "ෆටූ"ට හෙට දිනට 68යි

මේකේ රස ගැන නම් කියලා වැඩක් නෑ. කාපු මිනිස්සු දන්නවා ඒක කොයිතරම් රස කෑමක්ද කියලා.

ඉතින් මේ අවුරුද්දේ මේ විදිහට හත්මාලුව උයලා රස බලන්න අමතක කරන්න එපා.