රක්ෂණ ඔප්පු අස්සේ සල්ලි හංගලා බදු පොලු තිබ්බ අයට වැඩේ වරදී
රක්ෂණ ඔප්පු ඉතුරුම් උපකරණ ලෙස භාවිතා කිරීම හරහා සිදුවිය හැකි බදු පැහැර හැරීම් වැළැක්වීම සඳහා නව රෙගුලාසි හඳුන්වා දෙන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා නිවේදනය කර තිබේ.
බොහෝ පුද්ගලයින් සාමාන්‍ය බැංකු ඉතුරුම් ගිණුම්වල තැන්පත් කිරීම වෙනුවට රක්ෂණ ඔප්පු හරහා මුදල් ඉතිරි කිරීමේ ක්‍රම භාවිතා කරමින් බදු පැහැර හැරීම් සිදු කරන බවට මුදල් අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බවද ඔහු පවසයි.
එවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක්ද ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඒ අනුව, රක්ෂණ සැලසුම් ඉතුරුම් මෙවලමක් ලෙස භාවිතා කර බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා බදු එකතු කිරීමේ නීති හා අදාළ රෙගුලාසිවල සංශෝධන දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
රජයේ ආදායම් මාර්ගවල බදු කාන්දුවීම් අවම කිරීම රටේ ආර්ථිකයට අත්‍යවශ්‍ය බවත්, බදු පදනම පුළුල් කර ජාතික බදු එකතු කිරීමේ ක්‍රමය ශක්තිමත් කිරීම මෙම නව නීති සංශෝධනවල අරමුණ බවත් අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත.