අනුර නිසා බදු පනත කල් යයි.

Parliament of Sri Lanka Anura Kumara Dissanayaka Harsha de Silva
By Wayomi Sep 06, 2022 11:00 AM GMT
Wayomi

Wayomi

Report

අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම හෙට (07) දක්වා කල් තැබීමට සිදු වුණා.

ඒ, ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ විරෝධතාව හේතුවෙන්.

න්‍යාය පත්‍රයේ පළමු යෝජනාව ලෙස සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

එම අවස්ථාවේදී නැගී සිටි අනුර දිසානායක මන්ත්‍රීවරයා ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කරමින් ප්‍රශ්න කර සිටියේ බදු බර ජනතාව මත පැටවීම හැරෙන්නට එම තත්වයට රට පත් කළ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ වැනි අය සම්බන්ධයෙන් ගෙන තිබෙන තීන්දු මොනවද යන්නයි.

එහිදී මුදල් කාරක සභාවේ සභාපති , මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ද අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ අදහස අනුමත කරමින් ප්‍රකාශ කළේ මෙම පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ මුදල් කාරක සභාවේද අනුමැතියකින් තොරව බවයි.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW