ඩීසල් බෙදාහැරීම සදහා පෞද්ගලික ටැංකි රථ හිමියන් වැඩ අරඹයි..(VIDEO)
By Subodha
දිවයිනට පැමිණ ඇති ඩීසල් නෞකාවෙන් අද (27) සිට නැවතත් සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුවන බව සදහන් වේ.
ඒ් බව අද(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.
මේ හේතුවෙන් දින ගනන් රට තුල පැවති ඉන්ධන හිගය පහව යනු ඇති බව වැඩි දුරටත් ඔහු සදහන් කරයි.
කෙසේ වෙතත් පිරවුම්හල් නිසි පරිදි ඉන්ධන ඇණවුම් කළත් මේ වනවිට එම ඉන්ධන තොග ලැබී නොමැතිවීම හේතුවෙන් තවදුරටත් පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙනවා.
එම මාධ්‍ය සාකජ්ජාව පහතින්
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |