තමිල් අරසු අනුර සමඟ උරණ වෙයි! සුමන්තිරන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා රජය තවමත් කිසිඳු පියවරක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා දෙමළ අරසු පක්ෂයේ මහලේකම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.
මන්නාරමේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙම කාරණය සම්බන්ධයෙන් තම පාර්ශවය දිගින් දිගටම ඉල්ලීම් ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.