ෆේස්බුක් එකෙන් ආදරේ කරන්නේ බලාගෙන

Facebook Crime Law and Order Social Media Sinhala news
By Kaushi May 09, 2025 06:53 AM GMT
Kaushi

Kaushi

Report

 මුහුණු පොත ඔස්සේ පුද්ගලයන් දැන හැඳින ගෙන ඉන්පසු ‘වට්ස්ඇප්’ සහ ‘මැසෙන්ජර්’ සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් පැවැත් වීම දැන් සමාජයේ සුලබය.

එවන් තත්ත්වයක එම පිරිමි පුද්ගලයන් ගෙන්වා ගෙන ඔවුන්ගේ දේපළ කොල්ල කෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක් මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රේම සම්බන්ධතාවය මුවාවෙන් අඳාළ පුද්ගලයන් මිහින්තලයේ කැලෑබද ප්‍රදේශවලට රැගෙන ගොස් ගස් බැඳ පහර දී ඔවුන් සතු මුදල්, යතුරු පැදි ඇතුළු දේපළ කොල්ල කෑමක් සිදු කරයි.

මෙම සංවිධානාත්මක අපරාධ කල්ලියේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.

එහි දී ඔවුන් කොල්ල කෑ රුපියල් ලක්‍ෂ දහයකට අධික යතුරුපැදි 2ක්, ජංගම දුරකථන 4ක් ද පොලීසිය සතු කර ගැනීමට හැකියාව ලැබුණු බව ද වාර්තා වේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර අනුරාධපුර අශෝකපුර විජයපුර සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21, 27 සහ 32 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙක් සිටයි.

කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි සියලු දෙනා බේරා ගැනේ..(UPDATE)

කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි සියලු දෙනා බේරා ගැනේ..(UPDATE)

ඒ අතර කැකිරාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක කාන්තාවක් ද සිටින බව සඳහන්.

තමාට පෙම්වතිය විසින් මිහින්තලය නගරයට පැමිණෙන ලෙසට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එසේ පැමිණීමෙන් පසු පිරිමි පුද්ගලයන් සමඟ එක් වී තමන්ට පහර දී ගස් බැඳ යතුරුපැදිය, මුදල්, ජංගම දුරකථන, බැංකු කාඩ් පත් කොල්ලකෑ බවට මිනුවන්ගොඩ සහ අවුකන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අලෙවිය සුපිරියටම යයි... එක අයෙකුට කෝටි 2යි...මාලිමාවත් ලේසි නැහැ

අලෙවිය සුපිරියටම යයි... එක අයෙකුට කෝටි 2යි...මාලිමාවත් ලේසි නැහැ

පොලිසිය මෙහි දී තවදුරටත් ප්‍රකාශ කළේ අඳාළ සිදුවීමට මුහුණ දී ඇත්තේ සමාජයේ උසස් රැකියාවල නිරත වන අවුරුදු පනහට වැඩි පුද්ගලයන් බවයි. 

ReeCha