කඩා වැටුණු බෙල් 212 හෙලිකොප්ටරයේ සිටි සියලු දෙනා බේරා ගැනේ..(UPDATE)

Sri Lanka Air Force Helicopter Crash Sinhala news
By Hashini May 09, 2025 03:39 AM GMT
Hashini

Hashini

Report

Update - බෙල් 212 යානයේ නියමුවන් දෙදෙනා ඇතුළුව එහි සිටි 12 දෙනාම බේරාගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ඒ අතරට යුද හමුදා විශේෂ බලකායේ සෙබළුන් 6 දෙනෙකුද ඇතුලත්.

==========================

හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණු සැසියක් අතරතුර ගුවන් ගත වූ බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරු ඔයේදී කඩා වැටි ඇති බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩාවැටී තිබෙනවා.

විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර අනතුර සිදුවී ඇති බවද වාර්තා වනවා.

අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙන බවද වාර්තා වෙයි.

මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක , වින්ග් කමාන්ඩර් එරන්ද ගීගනගේ සඳහන් කළේ මේ වනවිට යානයේ සිටි නියමුවන් දෙදෙනාම ඇතුළු  පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවය.

ජාතික වෙසක් සතිය හෙට සිට

ජාතික වෙසක් සතිය හෙට සිට

ReeCha