එංගලන්ත – ශ්‍රී ලංකා අවසන් පන්දුවාර විස්ස තරගය අද
සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස තරගය අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයී.
මෙම තරගාවලියේ මීට පෙර පැවති තරග දෙකම එංගලන්ත කණ්ඩායම ජය ගත් බැවින් මේ වන විටත් තරගාවලියේ ජය එංගලන්තය සතු කරගන්නට සමත්ව තිබේ.
කෙසේ වෙතත් තවත් දින කිහිපයකින් පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රාහී මානසිකත්වයට පැමිණීමට මෙම තරගය වැදගත්ය.
මේ අතර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු තරගය අද පැවැත්වේ .