විස්සයි 20 ක්‍රිකට් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය දිනුම කාටද?

Report

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දඹුල්ලේ අද (13) පැවැති දෙවන විස්සයි20 ක්‍රිකට් තරඟයේදී, පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කළේය.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මෙය අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 178ක ඉලක්කයක් ලබාදී ඇත. බංග්ලාදේශය වෙනුවෙන් නායක ලිටන් දාස් ප්‍රබල ඉනිමක් සහිතව පන්දු 50කදී ලකුණු 76ක් රැස් කරමින් කණ්ඩායම අභියෝගාත්මක ස්ථානයකට ගෙන ගියේය.

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

රඹුටන් නිසා පැතිරෙන මාරාන්තික ලෙඩක් මෙන්න

ඔහුට සහය වුණු ශමිම් හුසේන් ලකුණු 48ක් ලබා ගත් අතර, තවුහිද් රිදෝයි පන්දු 25කදී ලකුණු 31ක්ත් රැස් කළේය. තවද, ටන්සිද් හසන් ලකුණු 5ක් ලබා ගත් අතර හසන් මිරාස්ට ලැබුණු ලකුණු ප්‍රමාණය එකකි.

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

ශ්‍රී ලංකාව වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු දක්ෂ පන්දු යැවීමක් පෙන්නුම් කරමින් කඩුලු 3ක් ලබාගත්තේය (3/31). නුවන් තුෂාර (1/30) සහ මහීෂ් තීක්ෂණ (1/30) කඩුල්ලක් බැගින් ලබා ගත්තේය.

ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - ඉරාන ජනපතිට තුවාල

ඊශ්‍රාලයෙන් ඉරානයට ප්‍රහාරයක් - ඉරාන ජනපතිට තුවාල

මෙම තරගාවලිය තරඟ තුනකින් සමන්විත වන අතර පළමු තරඟය පල්ලෙකැලේදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.

ඒ අනුව, අද තරඟයද ජයගත හැකිවන්නේ නම්, ශ්‍රී ලංකාවට තෙවැනි තරඟය තවමත් ඉතිරිව තිබුණද තරගාවලිය කඩිනමින් ජයග්‍රහණය කළ හැකිය.