කලා ඔයේ පාවෙමින් තිබූ මළසිරුර දියේ ගිලී මැරුණාද නැති නම් ඝාතනයක්ද..

Sri Lanka Police Sri Lanka Crime Death Murder
By Piyumika Jul 30, 2024 08:26 AM GMT
Piyumika

Piyumika

Report

වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යාබද ව ගලා බසිනා කලා ඔයේ තිබී ඊයේ (29) දින හමු වූ මළ සිරුර පිළිබඳ ව මේ වනවිට පොලිසියට සැකයක් මතුව තිබේ .ඒ මියගිය පුද්ගලයාගේ මළ සිරුර කලා ඔයේ පාවෙමින් තිබී හමුවීමෙන් පසුව සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුවය.

අද අවසන් තරගයට කෝලිත් එක් වෙයිද?..

අද අවසන් තරගයට කෝලිත් එක් වෙයිද?..

පෙරේදා (28) පස්වරුවේ මරණයට පත් වූ තැනැත්තා ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු කලා ඔයේ දිය නෑමට පැමිණ ඇති බවත්, ඔවුන් අධික ලෙස මත්පැන් පානය කර සිට පසුව දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම තැනැත්තා මියගොස් ඇති බවට සැක කරන බව වනාතවිල්ලුව පොලිසිය පැවසුවේය.

මෙම සිද්ධියෙන් පසුව මරණකරු හැර සෙසු පුද්ගලයින් පලා ගොස් ඇති අතර, පැය දෙකකට පසුව ඔවුන් යළිත් කලා ඔයට පැමිණ ඇත්තේ මරණකරු සොයා බවත් සිදුකළ මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත .

දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)

දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)

කෙසේවෙතත් පලා ගිය පුද්ගලයින් යළිත් පැමිණ සිය මිතුරා සෙව්වද, ඔහු ව දක්නට ලැබී නැත. ඒ අනුවය එදින රාත්‍රියේ දී වනාතවිල්ලුව පොලිසියට පුද්ගලයෙකුගේ අතුරුදන් වීමක් පිළිබඳ ව පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

ඉන් අනතුරුව පොලිස් විමර්ශන ආරම්භ කර ඇති අතර; මරණකරුගේ හිතවතුන් සහ පොලිසිය එක්ව කලා ඔය දෙපස සිදු කළ සෝදිසි කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස කලා ඔයේ පාවෙමින් තිබූ අතුරුදන් වූ තැනැන්තාගේ මළසිරුර හමු ව තිබේ .

කෙසේවෙතත් මරණකරුගේ උරහිසෙන් පහළ කොටසම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව ද පොලිසියට නිරීක්ෂණය වූ බවයි සඳහන් වනුයේ.

ගත වූ පැය විසි හතර තුල ජිවිත හතරක් අහිමි කල මාරක අනතුරු

ගත වූ පැය විසි හතර තුල ජිවිත හතරක් අහිමි කල මාරක අනතුරු

මෙසේ ජීවිතක්ෂයට පත් ව ඇත්තේ වන්දනාගම – ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකාරුවෙකු වන එච්.එම්. වසන්ත ප්‍රියදර්ශන නමැති 47 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි .

අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර එළුවන්කුලම ප්‍රදේශයේ සංචාරක බංගලාවක් අලුත්වැඩියා කටයුතු කිරීමට පැමිණි සිටි අයෙකු බවත්, මොහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි ව සිටි අයෙක් බවටත් අනාවරණය වී තිබේ .

මරණකරු සිය මිතුරන් පිරිසක් සමග කලා ඔයේ දිය නෑමට පැමිණ ඇති අතර එහිදී තවත් පිරිසක් දිය නාමින් සිටියදී දෙපිරිස අතර ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් සිදු වූ පහරදීමකින් පසු ව මෙම පුද්ගලයා කලාඔය දිගේ දිවවිත් එකවරම ඔයට පැන අතුරුදන් වූ බවත් ඔහුගේ මිතුරන් පොලිසිය සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ප්‍රකාශ කර ඇත.

දැඩි ආදරය සිර දඩුවමකින් කෙළවර වුනු හැටි..

දැඩි ආදරය සිර දඩුවමකින් කෙළවර වුනු හැටි..

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් අධිකරණය හමුවට කරුණ වාර්තා කිරීමෙන් අනතුරුව පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණ මෘත දේහය පරික්ෂා කර තිබේ .

මේ වනවිට මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා පුත්තලම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ReeCha