ගත වූ පැය විසි හතර තුල ජිවිත හතරක් අහිමි කල මාරක අනතුරු

By Piyumika Jul 30, 2024 06:14 AM GMT
Report

ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.

උප්පුවේලි, වැලිපැන්න, කෑගල්ල සහ මීටියාගොඩ යන ප්‍රදේශවල මෙම අනතුරු සිදුව ඇත.

ත්‍රීරෝද රථ රියදුරුගේ බිහිසුණු ඝාතනයට අවශ්‍යව සිටි තෙවෙනි සැකකරු අත්තඩංගුවට ..

ත්‍රීරෝද රථ රියදුරුගේ බිහිසුණු ඝාතනයට අවශ්‍යව සිටි තෙවෙනි සැකකරු අත්තඩංගුවට ..

උප්පුවේලි, කිළිකුංචිමලේ හන්දිය ප්‍රදේශයේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 39 හැවිරිදි යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

එමෙන්ම වැලිපැන්න ලෙව්වන්දූව හන්දිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ 62 හැවිරිදි කාන්තාවක් ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)

දරුණු නායයාමකින් අසල්වාසීන් 26දෙනෙකු මියයයි ..(VIDEO/PHOTO)

කෑගල්ල බල්ලපාන ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ යතුරුපැදියක් යුධ හමුදා ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 66 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

මේ අතර මීටියාගොඩ වැරැල්ලාන ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන් කළ 78 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රීරෝද රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව පොලීසිය පැවසීය .