වනඅලියා පිලිස්සූ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

Report

සීප්පුකුලම ප්‍රදේශයේදී වන අලියෙකු පිලිස්සීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මෙම මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

මෙම සිද්ධියට අදාළව, ගින්නෙන් පිලිස්සූ වන අලියාව හිංසනයට ලක් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වූ අතර, ඒ අනුව සිදු කළ විමර්ශනවලදී මිහින්තලය පොලිසිය විසින් සැකකරුවන් තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබීය.

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

මේ විශ්‍රාම වැටුප් ගැන විශේෂ දැනුම්දීමක්

අදාළ වන අලියා සීප්පුකුලම ප්‍රදේශයේදීම මියගොස් සිටින බව වාර්තා වූ අතර, ඒ සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ වකුගඩු හා අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයන් සහ පිලිස්සීමෙන් ඇති වූ භීතිය මෙම මරණයට හේතු වී ඇති බවයි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වයස අවුරුදු 42, 48 සහ 50 වන අතර, ඔවුන් සියලු දෙනාම එම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.

ඒ පාර සෝමාවතියට ගිහිනුත් ඉවරයි - ඒකත් හරි

ඒ පාර සෝමාවතියට ගිහිනුත් ඉවරයි - ඒකත් හරි