සහස්පුර ද්විත්ව ඝාතනයේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට
බොරැල්ල පොලිස් වසමේ සහස්පුර සිරිසර උයන ක්‍රීඩාංගණයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය පවසන පරිදි, එම සැකකරු සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 710ක් සහ යතුරුපැදියක් අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
2025.08.07 වන දින බොරැල්ල පොලිස් වසමේ සිරිසර උයන ක්‍රීඩාංගණයේදී සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය වූ අතර, තවත් තිදෙනෙකුට තුවාල සිදුවිය. ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකා විශේෂ වැටලීම් ඒකකය මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී. ඒ අනුව, ඊයේ (12) දහවල් දමන පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු 34 හැවිරිදි, දමන, අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර 2015 දී යුද හමුදාවෙන් පලාගොස් ඇති බවය.
දමන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.