නාමල් ඒ පාර මේ එන්න හදන්නේ මොකාටද? හදිසියේම ජී.එල්ගේ ගෙදර ගිය හේතුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉකුත් දවසක මහාචාර්ය ජී එල් පීරිස් හිටපු අමාත්‍යවරයාගේ නාරාහේන්පිට නිවසට ගොස් ඇති බව සඳහන් වේ.
ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග ජී.එල් පීරිස්ගේ ආරාධනාවක් අනුව නාමල් රාජපක්ෂ එහි ගිය බව පවසයි.
ඉකුත් සතියේ සෙනසුරාදා සවස විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන් පිරිසක් ජී. එල් පීරිස්ගේ නිවසට පැමිණ ඇත.
එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන් අසන ලද ප්‍රශ්නවලට නාමල් රාජපක්ෂ හොඳින් පිළිතුරු දී ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන්ද මෙහිදී කතාබස් වී ඇති බව සඳහන්.
මේ අතර මෙම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉදිරියේදී දේශපාලන කටයුතුවලදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ දායකත්වය ලබාගන්නා ආකාරය සහ එහිදී රට ගොඩනැංවීම සඳහා ඔවුන්ගේ යෝජනා පිළිබඳවද මෙහිදී නාමල් රාජපක්ෂ දීර්ඝ ලෙස සාකච්ඡා කොට ඇති බවයි.