කාන්තාවන් ඇඳුම් මාරු කරන, නාන දර්ශන වීඩියෝ කරා මදිවට කප්පමුත් අරන් - සැකකරු රිමාන්ඩ්

Report

කාන්තාවන් ඇඳුම් මාරු කරන දර්ශන හා නාන කාමරවල දර්ශන වීඩියෝ ගත කරමින් කප්පම් ලබා ගත් බව කියන සීදුව ප්‍රදේශයේ පුද්ගලයකු එළඹෙන 6 තෙක් නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කර ඇත.

ඒ අනුව මැටියගනේ පදිංචි කනිෂ්ක නමැති සැකකරු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එමෙන්ම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් උප පොලිස් පරීක්‍ෂක ඉසුරු කරුණු දක්වමින් සඳහන් කළේ සැකකරුට විරුද්ධව කප්පම් ගැනීම් හා ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් මීගමුව හා පොල්ගහවෙල අධිකරණවල විමර්ශන සිදුකරන බවයි.

සාපෙළ ලියන්න හිටපු ප්‍රසිද්ධ පාසලක සිසුවියක් ජීවිතෙන් යන්නම ගිහින් - හේතුව මෙන්න

සාපෙළ ලියන්න හිටපු ප්‍රසිද්ධ පාසලක සිසුවියක් ජීවිතෙන් යන්නම ගිහින් - හේතුව මෙන්න

එසේම සීදුව ප්‍රදේශයේ කාන්තාවක් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගත් බවත්, සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී අසභ්‍ය වීඩියෝ, කාන්තාවන් ඇඳුම් මාරු කරන සහ නාන කාමරවල ස්නානය කරන දර්ශන රැසක් සොයාගත් බවත් සඳහන්.

මෙහිදී විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඉල්ලා ඇත.

ඒ අනුව කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු එළඹෙන 6 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ අතර විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියෝග ක‍ර ඇත.

කතෝලික පියතුමාට තඩිබාපු පොලිසිය රිමාන්ඩ්

කතෝලික පියතුමාට තඩිබාපු පොලිසිය රිමාන්ඩ්

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි

විශාල ජීවිත තර්ජනයක් - රටවල් 22කට වෙන්න යන දේ - හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරයි