මත්පෙති 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
By Mithu
කළුතර උතුර ප්රදේශයේදී නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගෙන සිටි මත්පෙති 600ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.
ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඒකාබද්ධව සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ප්රදේශයේ තරුණ පිරිස් ඉලක්ක කරගනිමින් මෙම මත්පෙති ජාවාරම ජාවාරම්කරු විසින් කලක පටන් සිදුකරගෙන ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී සැක කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පෙති තොගය ඉදිරි නීතිමය පියවර සඳහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවනු ලබයි.