ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් හදිසියේ ගිනි ගනියි

Report

ගම්පොල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් අද (2026 මැයි 16) උදෑසන හදිසියේම ගිනි ගැනීමට ලක්ව ඇති බව ගම්පොල පොලීසිය පවසයි.

ධාවනය වෙමින් පවතින අතරතුර රථයෙන් දුම් සහ ගිනිදැල් මතු වී ඇති අතර, සිද්ධිය දුටු වහාම ක්‍රියාත්මක වූ ගම්පොල පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි උත්සාහයකින් පසුව ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පියවර ගෙන තිබේ.

අඩු පීඩන කලාපය තවදුරටත් - ඉදිරියටත් වැසි

අඩු පීඩන කලාපය තවදුරටත් - ඉදිරියටත් වැසි

මෙම අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි හානි සිදුව ඇති නමුත්, එහි ගමන් ගත් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය තහවුරු කළේය.

සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ත්‍රීරෝද රථයේ ඇති වූ හදිසි තාක්ෂණික දෝෂයක් (විදුලි කාන්දුවක්) හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තැපැල් සේවකයන්ට සුබ ආරංචියක් - රජයෙන් මිලියන 600ක්

තැපැල් සේවකයන්ට සුබ ආරංචියක් - රජයෙන් මිලියන 600ක්