ගජමුතු සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට
දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වයඹ කලාප කාර්යායායේ නිලධාරීන් හා මහව බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් මාතලේ නගරයේදී කළ වැටලීමකදී රුපියල් ලක්ෂ 10කට අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි ගජමුතු දෙකක් හා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු හා නඩු භාණ්ඩ (18) දින මාතලේ මහේස්ත්‍රාත්තු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාතමක වේ.