ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුට සාර්ථක සැත්කමක්.
ලොව ප්‍රථම වරට ගර්භාෂය තුළ වැඩෙන බිළිඳෙකුට සාර්ථක සැත්කමක් සිදු කළ පුවතක් වාර්තා වෙනවා.
ඒ, අමෙරිකාවෙන් වන අතර සැත්කම සිදුකරන විට අදාළ කාන්තාව ගැබ්ගෙන සති 34 ක් වන බවයි වෛද්‍යවරුන් පවසා සිටියේ.
අදාළ බිළිඳා සැත්කමට ලක්කර ඇත්තේ, මොළයේ සිට හදවතට රුධිරය ගෙන යන රුධිර නාලයක් අවහිර වීම හේතුවෙන්.
මෙම තත්ත්වය "Venus of Galen malformation" ලෙස හඳුන්වනවා.
එවැනි දරුවන්ට මොළයේ තුවාල සහ හෘදයාබාධ ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව සැත්කම සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පවසනවා.
මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය කණ්ඩායම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , මෙම තත්ත්වය ඇති සියලුම දරුවන්ගෙන් 50%ක් , 60% ක් පමණ ක්ෂණික අසනීපවලට ගොඳුරු වන බවයි.
එමෙන්ම මේ අතර, 40% ක මරණ අනුපාතයක් ඇති බවත්, දිවි ගලවා ගන්නා ළදරුවන්ගෙන් අඩක් පමණ දරුණු ස්නායු හා සංජානන ගැටලුවලට මුහුණ පාන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |