‘චිචි රොකට්’ ගැන අගමැතිනි කී කතාව පචයක් - ඇමති වසන්ත ගේම ඉල්ලයි..
SupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාව සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය විසින් අග්‍රාමාත්‍යවරිය වෙත ලබාදුන් දත්තවල අඩුපාඩු පවතින බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
ඒ අනුව, SupremeSAT සන්නිවේදන චන්ද්‍රිකාව ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇත්තේ 2012 මැයි මාසයේදී බවත්, නමුත් එම චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවා ඇත්තේ 2012 නොවැම්බර් මාසයේදී බවත් අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 320ක වියදමක් දරා ඇති බවත්, එම මුදල ලබාදුන් පාර්ශ්වයන් කවුරුන්ද යන්න දැනට විමර්ශනය කරමින් පවතින බවත් ඔහු පැවසීය.
එමෙන්ම, මෙම මුදලින් ඩොලර් මිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් ණය ලෙස ලබාගෙන ඇති බවට චෝදනාවක් පවතින අතර, දේශීය සමාගමක් රුපියල් මිලියන 12,000ක ආයෝජනයක් කර ඇති බවටත් තොරතුරු වාර්තා වන බව ඔහු සඳහන් කළා.
එම මුදල් එම සමාගමට ලැබුණු ආකාරය සහ ඒවා ගිණුම්වලින් ඉවත් වූ ආකාරය පිළිබඳවද විමර්ශනයක් අවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එසේම, මෙම ගැටලුවට පිළිතුරු දෙමින් ආයෝජන මණ්ඩල නිලධාරීන් විසින් වැරදි සිදුකර ඇති බවත්, එම වැරදි දැනට නිවැරදි කර ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

සිග්නල් නෑ කියලා හොය හොය දුක් වුණු කාලේ ඉවරයි, කිසි කේස් එකක් නැතුව ඉන්ටර්නෙට් යන්න මෙන්න චාන්ස් එකක්
මෙම තත්ත්වය හේතුවෙන් SupremeSAT චන්ද්‍රිකා ව්‍යාපෘතියේ මූල්‍ය ගනුදෙනු සහ ඒවායේ විනිවිදභාවය පිළිබඳ බරපතළ විමර්ශනයක් අවශ්‍ය බවත්, එය රටේ ආර්ථික විනිවිදභාවයට සහ යහපාලනයට බලපාන ගැටලුවක් බවත් විවේචකයන් පෙන්වා දෙයි.
